හෝමාගම ඉතිහාසය
ඓතිහාසික වාර්තාවන්ට අනුව හෝමාගම ප්‍රදේශය මුලින්ම ජනාවාස වී ඇත්තේ සීතාවක රාජධානිය සමයේදීය. යටත්විජිත පාලකයන් විසින් 18 වැනි සියවසේදී මෙම ප්‍රදේශය වැවිලි කර්මාන්තය සඳහා යොදා ගත් අතර පොල්, රබර්, සහ සුළු අපනයන භෝග ප්‍රධාන වශයෙන්ම වගා කොට තිබුණි. මහා පරිමාණ වතු 33 ක් පමණ පැවති අතර ඒ අතුරින් මවුන්ට් ක්ලිෆඩ්, සහ සිල්ව(ර්) ට(ර්)ටෙස්ට් සහ මත්තෙගොඩ වතුයාය වඩාත් ප්‍රකටය. තවද, වී වගාවද බහුලව දක්නට ලැබුණි.
හෝමාගම ප්‍රදේශය හරහා කැළණි මිටියාවත් දුම්රිය මාර්ගය 1908 දී ඉදි කරන ලදී. හයිලෙවල් මාර්ගය ඉදි කිරීමට පෙර ග්‍රාමීය කෘෂිකාර්මික කටයුතු සඳහා ඉඩම් යොදාගත් කුඩා ගම්මාන හරහා වැටී තිබුණු කුඩා මාර්ග ඔස්සේ ප්‍රදේශයේ ගමනාගමන කටයුතු සිදු වුණි. මෙම කාල වකවානුවේදී හෝමාගම දුම්රිය ස්ථානය නම් කර තිබුයේ ‘පීඩන නගරය’ ලෙසය. කොළඹ නගරය කේන්ද්‍ර කොටගත් ආර්ථික, සමාජීය සහ පරිපාලන කටයුතු තීව්‍ර වීමත් සමග එම කටයුතු පරිවාර නගර දක්වා ව්‍යාප්ත වූ අතර 1948 වසරේදී බ්‍රිතාන්‍ය ජාතික නගර නිර්මාණකරුවෙකු වූ පැට්‍රික් ඇබෙකොම්බි පරිවාර නරගයක් ලෙස හෝමාගම හඳුනාගන්නා ලදී.
1963 දී හෝමාගම ග්‍රාම නිලධාරී වසම් 07 කින් සමන්විත සුළු නගර සභාවක් විය. 1988 දී එය ප්‍රාදේශීය සභාවක් බවට පත් වූ අතර අයත්ව තිබූ ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 106 කි. 1999 දී ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 91කට සීමා කරන ලදී.
භූ විද්‍යාත්මක තොරතුරු
හෝමාගම ප්‍රාදේශීය සභාවට අයත් බොහෝ ප්‍රදේශවල දක්නට ලැබෙනුයේ වෙනස් වයනයෙන් යුත් රතු මිශ්‍ර කහ පැහැති පොඩිසොලික පසකි. වැලි සහ මැටි නිධි සහිත ඛණිජ සම්පත් මෙන්ම ‘නයිස්’ ඛනිජ නිධි සහිත කඳු ද ප්‍රදේශයේ දක්නට ලැබේ. මුහුදු මට්ටමේ සිට මීටර් 10 - 20 පරාසයක පවතින රැළි බිම් ප්‍රදේශයේ ඇති මූලිකම භූ ලක්ෂණ අංගය වේ.
ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය පැරන්හයිට් අංශක 600 - 800 අතර පරාසයක පවතී. වාර්ෂික සාමාන්‍ය වර්ෂාපතනය අනුව මි.මී. 2500 - 3000 සහ මි.මී. 3000 - 4000 ලෙස ප්‍රදේශය ප්‍රධාන කලාප දෙකකට බෙදිය හැක. ප්‍රදේශයට වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබෙනුයේ නිරිත දිග මෝසම මගිනි. වැඩිම සුළං ප්‍රවාහය වන පැයට කිලෝමීටර් 10 ක නිරීක්ෂණය කළ හැක්කේ ජූලි මාසයේදීය. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ පිහිටා ඇති හෝමාගම උප දේශගුණික කලාප තුනකින් සමන්විතය. ප්‍රදේශයේ වෘක්ෂලතාදිය නිවර්තන තෙත් කලාපයට අයත් වේ.